BBC News, සිංහල - මුල් පිටුව

ප්‍රධාන පුවත

  • Sri Lanka Army

    කල්මුණේ: බුද්ධි අංශ හා රජයේ දැඩි අවධානයක් යොමුව ඇත්තේ ඇයි?

    බීබීසී සිංහල සේවය කළ විමසීමකදී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල කියා සිටියේ කල්මුණේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වන 'සුපර් මුස්ලිම්' යනුවෙන් හඳුන්වන සංවිධානයක් සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ ජනතාවගෙන් ලද තොරතුරු අනුව අවධානය යොමු කර ඇති බව ය.

  • National Identity Card

    රස්තියාදු නොවී ජාතික හැඳුනුම්පත ලබා ගන්නේ මෙහෙමයි

    මෙරට අවුරුදු 18ට වැඩි පුරවැසියන්ට අනන්‍යතාව තහවුරු කර ගැනීමට ලබා දෙන නිල සහතිකය ජාතික හැඳුනුම් පත යි. මෙම සෑම අවස්ථාවකදී ම ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට අවශ්‍ය ලිපි ලේඛන සහ අනෙකුත් විස්තර මෙන් ම ඒ සම්බන්ධ පවතින තත්ත්වය පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් (මෙහෙයුම්) නදීකා ගම්ලත් බීබීසි සිංහල සේවය පැහැදිලි කළා ය. මුල් වරට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම හැරුණු විට යම් සංශෝධනයක් සිදු කරන ලද අවස්ථාවකදී හෝ හැඳුනුම්පත නැතිවූ අවස්ථාවකදී යළි හැඳුනුම්පතක් ලබා ගැනීමේ හැකියාව පවතී.

  • අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය සොයාමින් සිටින, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

    පොලිසිය සොයමින් සිටින දේශබන්දු තෙන්නකෝන්ගෙන් අධිකරණයට පෙත්සමක්

    අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය සොයාමින් සිටින, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ඒ, 2023 වසරේ මාතර වැලිගම W15 හෝටලය වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය අත් හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිමිනි.

  • birth control pills

    උපත් පාලන පෙති භාවිතය කාන්තාවන්ට ඇත්තට ම වැඩි කාංසා තත්වයක් ඇති කරනවා ද?

    මෑත වසරවලදී, බොහෝ කාන්තාවන් උපත් පාලන පෙතිවල අතුරු ආබාධ, විශේෂයෙන් ඔවුන්ගේ මනෝභාවයන් සහ මානසික සෞඛ්‍යය කෙරෙහි ඇති විය හැකි බලපෑම් ගැන සැලකිලිමත් වී ඇත. සැබවින් ම වර්ධනය වන ප්‍රතිවිරෝධයක් පවතින අතර, #quittingbirthcontrol වැනි හෑෂ්ටැග් සමාජ මාධ්‍යයේ මිලියන ගණනක් නරඹා තිබීමෙන් එය වඩාත් තහවුරු වේ.

  • Women in public transport

    කාන්තා හිංසනයට අවකාශයක් වී ඇති පොදු ප්‍රවාහනය කාන්තාවන්ට Safe Space එකක් කරන්නේ කොහොම ද?

    කාන්තාවන් විසින් බහුලව ම භාවිත කරනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ප්‍රවාහන මාධ්‍ය වන පොදු ප්‍රවාහන සේවය, කාන්තාවන් වැඩි වශයෙන් හිංසනයට ලක් වන අවකාශයක් ලෙස හැඳින්විය හැකි ය. කාන්තාවන් පොදු ප්‍රවාහනයේදී මෙලෙස විවිධාකාරයේ අඩන්තේට්ටම්වලට ලක් වීම වැළක්වීමට විවිධ රජයයන් කලින් කලට විවිධ වැඩපිළිවෙළ යෝජනා කළ ද තවමත් එය අවම කිරීමට හෝ හැකි වී ඇති බවක් නොපෙනේ.

ශ්‍රී ලංකාව

ලෝකය

ක්‍රීඩා

සෞඛ්‍යය

වීඩියෝ

විශේෂාංග

  • Coconut tree

    රටේ පොල් පිටරට යවා පිටරටින් පොල් ගෙන ඒමට සැලසුම් කරන ශ්‍රී ලංකාවේ අපූරු 'පොල් කෑම'

    ශ්‍රී ලංකාවේ වාර්ෂික පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 3000 ඉක්මවන අතර, වාර්ෂික පරිභෝජනය සඳහා අවශ්‍ය පොල් ගෙඩි සංඛ්‍යාව මිලියන 1850කි. ඒ අනුව, පොල් ගෙඩි මිලියන 1150කට අධික අතිරික්ත නිෂ්පාදනයක් සිදු වෙයි. එහෙත්, රට තුළ පොල් හිඟයක් පවතින අතර, පොල් මිල ද අධික ලෙස ඉහළ ගොස් තිබේ.

  • වේද සාහිත්‍යට අනුව පුද්ගල ජීවිතයේ පරමාර්ථ 04කි. එනම් ධර්ම සම්පත්තිය, අර්ථ සම්පත්තිය, කාම සම්පත්තිය සහ මෝක්ෂ සම්පත්තිය යි.

    ක්‍රමයෙන් අඩුවන විවාහ: 'මාව තේරුම් ගත්ත කෙනෙක් එක්ක ලිවින් ටුගෙදර් ඉන්න කැමතියි'

    "මාත් එක්ක ඉගෙන ගත්ත යාළුවෝ සමහරක් අය ඉස්කෝලේ ගිහින් ඉවර වුණාට පස්සේ කසාද බැඳලා දැන් ගෙවන ඒ අයගේ ජීවිතවල තියෙන සංකීර්ණත්වයත් එක්ක මට කසාද බඳින එක ගැන දෙපාරක් හිතන්න වුණා."

  • ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර දිනයේදී තමා ඇතුළු මූල්‍ය නිලධාරීන් තිදෙනෙකුට රු. මිලියන 100ක ගෙවීමක් සිදු කිරීමට සහතික කරන ලෙස බලපෑමක් එල්ල වූ නිසා රැකියාව බේරා ගැනීමට තමා ඇතුළු නිලධාරීන්ට නියමිත ක්‍රමවේදයෙන් තොර ව මුදල් ගෙවීම සහතික කිරීමට සිදුවූ බවට මූල්‍ය නිලධාරිනියක විසින් කෝප් කමිටුව හමුවේ සිදුකළ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝවක් පසුගිය සතිය පුරා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

    තරුණ සේවා සභාව: කෝප් කමිටුවේදී හෙළිවූ කරුණු

    2024 ජනවාරි සිට අගෝස්තු දක්වා මාස 8 කාලය තුළදී ජාතික තරුණ සේවා සභාව විසින් දියත් කරන ලද ස්මාර්ට් යූත් අවුරුදු උත්සවය, ජාතික තරුණ වෙසක් උළෙල, ජාතික තරුණ පොසොන් කළාපය, යාපනය තරුණ හමුව වැඩසටහන, 31st Night Youth Celebration සහ ස්මාර්ට් යූත් ප්‍රදර්ශනය හා සංගීත වැඩසටහන වෙනුවෙන් වෙන්කොට තිබූ රු. මිලියන 538ක් වියදම් කර තිබිණි. මේ සම්බන්ධයෙන් කෝප් කමිටුවේදී තරුණ සේවා සභාවේ මූල්‍ය නිලධාරිනියක ප්‍රකාශ කළේ, ඉහළින් පැමිණි බලපෑම් නිසා අදාළ ගෙවීම් සහතික කිරීමට සිදු වූ බව ය.

  • මෑත වසරවලදී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය අගය කරමින් ඔහු මේ අදහස් පළ කළේ, ඇමෙරිකාවේ  වොෂින්ටන් නුවරදී අද (මාර්තු 04 වැනිදා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

    IMF: 'ලංකාව හැර යන එක නෙමේ ලංකාවේ ඉන්න එක ආකර්ෂණීය වෙයි'-පීටර් බෲවර්

    ශ්‍රී ලංකාවට ආර්ථික අවස්ථාවන් නැවත පැමිණෙන විට ආදායම වැඩි වී දිලිඳුකම අඩු වනු ඇති බවත් එමඟින් මෙරට ජනතාවට රටින් පිටව යාමට හෝ සංක්‍රමණය වීමට වඩා ශ්‍රී ලංකාවේ රැඳී සිටීම වඩාත් ආකර්ෂණීය වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් කියා සිටියේ ය.

  • ශ්‍රී ලංකාවේ පාසල් යා යුතු වයසේ පසුවන ගැහැනු ළමුන් අතරින් වාර්තා වී ඇති ළමා මව්වරුන් අතර වයස අවුරුදු 10ක කුඩා දැරියක් ද සිටින බව නිල දත්තවලට අනුව අනාවරණය විය.

    ශ්‍රී ලංකාවේ සිදුවන ළමා ගැබ් ගැනීම්:'මේ ළමයි දැනුම අරන් තියෙන්නේ අවිධිමත් ක්‍රමයකින්'

    පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාවේ දත්තවලට අනුව 2023 දී පාසල් යන වයසේ ගැහැණු ළමුන් 163 දෙනෙකු ගැබ්නි මව්වරුන් ලෙස වාර්තා වී ඇති අතර 2024 දී එය 213ක් දක්වා ඉහළ ගොස් ඇත.2024 වසරේ දී වාර්තා වූ ළමා මව්වරුන් අතර අඩුම වයසේ පසුවන ගැබ්නි දැරියගේ වයස අවුරුදු 10ක් බව පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාවේ දත්තවල සඳහන් වේ.

සමාජ මාධ්‍ය ඔස්සේ BBC News සිංහල Follow කරන්න

වැඩිපුරම කියැවූ